ගායන ශිල්පී ජෝතිපාල මහතාගේ කැසට් ගැහිල්ලට වඩා ආණ්ඩුව ගැසට් ගසනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේතරත් මහතා පවසයි.
සහල් මිල පානය කිරීමට ආණ්ඩුව මේ වනවිට ගැසට් 05ක් ගසා ඇතත් ආණ්ඩුවට සහල් මිල පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් මේ වනවිට වෙළඳපොළේ සහල් මිල ඉතා අධික ලෙස ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කෙළ්ය.
සීනි මිල පාලනයට, පෝල් මිල පාලනයට මෙන්ම පොල් තෙල් මිල පාලනයටද ආණ්ඩුව ගැසට් නිකුත් කළත් එම ගැසට්වල ඇති අවම මිල ඉතා අධික ලෙස පාලන මිල ඉක්මවා ගොස් ඇති බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කළේය.
එම මිල පාලන ගැසට්වලින් ආණ්ඩුවේම කුප්‍රකට ජාවාරම් කාරයින් ලබා අත්වූ නමුත් ජනතාවට ලැබුණු සහනයක් නැතැයිද විජිත හේරත් මහතා අවධාරණය කළේය.
කෙරෝනා ව්‍යසනය එන්න කලින් රටේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වුණා. උදාහරණයක් හැටියට 2020 ජනවාරි-මාර්තු කාර්තුවේ අපේ කෘෂිකර්මාන්තය 5.6%කින් කඩාගෙන වැටුණා. කර්මාන්ත ක්ෂේත්රය 7.8කින්, සේවා ක්ෂේත්රය 1.6කින් කඩාගෙන වැටුණා. කොරෝනා නිසා රට වැහුවේ මාර්තු 19වැනිදා. ඒ නිසා පළවැනි කාර්තුවට කොරෝනා බලපෑවේ නැහැ.
වත්මන් ආණ්ඩුවේ පාලනය යටතේ කෘෂිකර්ම, කර්මාන්ත, සේවා අංශයන් ගිය අවුරුද්දට සාපේක්ෂව බරපතළ කඩාවැටීමක් සිදුවෙලා. ඒ නිසා කොරෝනා නිසා ආර්ථිකය කඩා වැටුණා කියන එක ඇත්ත නෙවෙයි. මෙයින් පේන්නේ ආණ්ඩුවට ආර්ථිකය හසුරුවන්න බැරිකමයි. ජනතාවගේ මූලික අවශ්‍යතාවල මිල ඉහළ ගියේ කොරෝනා නිසා නෙවෙයි. ආණ්ඩුව බලයට පත්වෙලා කෙටි කාලයක් තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වේගයෙන් වැඩිවෙලා තියෙනවා. ලෝක වෙළඳපොළේ තෙල්මිල සෘණ අගයකට පවා යද්දී ඒ වාසිය අපේ රටේ ජනතාවට දුන්නේ නැහැ. එදා විපක්ෂයේ සිටියදී ෆුට් සයිකල්වලින් පෙළපාලි ගිහිල්ලා තෙල් මිල අඩු කරන්න කියලා බලපෑම් කළ කණ්ඩායම අද ආණ්ඩු කරනවා. හැබැයි තෙල් මිල ශත පහක්වත් අඩුකළේ නැහැ. ජනතාව කොයි තරම් විපතට පත්වුණත් ආණ්ඩුවේ කිසිම සැලකිල්ලක් නැහැ.
ඒ වගේම 2020 දෙසැම්බර් 23වැනිදා වෙනකොට ඉදිරිපත් කළ නිල සංඛ්‍යා ලේඛනත් තිබෙනවා. 2019 නොවැම්බර් 20 සම්බා කිලෝ එකක් රු. 95/-යි. අද රු. 132 සිට 140 දක්වා අඩුම වශයෙන් රු. 37කින් මිල වැඩිවෙලා. නාඩු කිලෝ එකක එදා මිල 95/-යි. අද මිල 104යි. සුදු කැකුළු මිල එදා 95යි. අද 100යි. මේ ආණ්ඩුව බලයට පත්වුණාට පස්සේ හාල්වලට විතරක් ගැසට් පහක් ගැහුවා. හාල් වෙළෙන්දාටත් මෝල් හිමියාටත් ගැසට් ගැහුවා. සක්කරයාගේ පුතා වයිමා ආවත් මිල අඩු වෙලා නැහැ. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විහිළුකාරයෙක් වෙලා. ඇත්තටම එතුමට කරන්න දේකුත් නැහැ.
රටින් ගෙන්වන ලොකු ළුෑණු එදා 147, අද 160යි. වියළි මිරිස් එදා රු. 480යි, අද 550යි. පොල් එදා රු. 58යි, අද රු. 85ට වැඩියි. රු. 120 දක්වා මිල ගණන් යටතේ තියෙනවා. අවුරුද්දක කෙටි කාලය ඇතුළත භාණ්ඩ මිල ගණන් මේ විදිහට වේගයෙන් වැඩිවෙනවා. ජාතිය අමතලා ජනාධිපතිවරයා රු. 65ට දෙනවා කියපු පරිප්පු එදා 2019 නොවැම්බර් මාසයේ රු. 110ට තිබුණා. අද රු. 180යි. පරිප්පු, බීළුණු, සැමන් අඩුමිලට දෙනවා කියලා ජාතිය අමතා කී කතාවත් බොරු වෙලා. රු. 100ට සැමන් නැහැ. රු. 150ට බී ළුෑණුත් නැහැ. ජාතිය අමතා කළ ප්‍රකාශයත් හෑල්ලුවට ලක්වෙලා. රු. 600ට තිබුණු හාල් මැස්සෝ අද රු. 850යි. පොල් තෙල් රු. 320 ඉඳලා 480 දක්වා වැඩිවෙලා. සීනි රු. 100 ඉඳලා 135 වෙනකං වැඩිවෙලා. අවුරුද්දක ප්‍රතිඵල ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයට පත්වී ඇති බව මහ බැංකුවේ මේ වාර්තාවලින්ම පේනවා.
ආණ්ඩුවට අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනය කරගන්න බැරි වෙලා. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා විවිධ ප්‍රකාශ කළා. ඉතිහාසයේ පළවැනි වතාවට පොල්වලට ගැසට් එක ගැහුවෙත් ඒ අනුව 2020 සැප්තැම්බර් මාසේ 25වැනිදා ගහපු ගැසට් එකේ මිල ගණන්වලට අද කොහේවත් පොල් නැහැ. සෞභාග්‍යයේ ආණ්ඩුව ආවට පස්සේ ලංකා ඉතිහාසයේ පළවැනි වතාවට පොල්වලටත් මිලක් නියම කළා. හැබැයි ඒක විහිළුවක් බවට පත්වුණා.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්