මේ දිනවල රට තුළ කොවිඩ් 19 වෛරසයට අමතරව වෙනත් වෛරස් උණ රෝගී තත්වයන් කිහිපයක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
මේ දිනවල දරුවන් අතර ඩෙංගු රෝගය පැතිර යන අතර උණ, හිසරදය, ඇඟපත වේදනාව රෝග ලක්ෂණ තියෙන රෝගීන් මතුවන බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.
හමුවන සමහර රෝගීන්ට ඩෙංගු රෝගයට සමාන රෝග ලක්ෂණ තිබෙන නමුත් එය කොවිඩ් 19 වෛරසය නොවන බව විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
මීට අමතරව දරුවන් අතර තවත් රෝගී තත්වයක් පැතිර යන අතර කටවටේ තුවාල දැමීම, අතේ කකුලේ රතු ලප ඇති වීම මෙහි රෝග ලක්ෂණ වෙයි.
දරුවන්ට මේ ආකාරයේ රෝග ලක්ෂණ තිබේ නම් ඔවුන්ව පාසල් නොයවන ලෙස විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරයි.
මේ පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කරන ලෙස වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
- arunanews
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව