කොවිඞ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය දින 21 ක් වයසැති තම බිළිඳාගේ සිරුර ආදාහනය කළ ආකාරය සැක සහිත බවත් එමගින් තම මුලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් පෙන්වා දෙමින් එම බිළිඳාගේ දෙමව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකමක් ගොනු කර තිබෙනවා.
බිළිඳාගේ වෛද්‍ය වාර්තා අධිකරණයට කැඳවා පරීක්ෂණයක් කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර ඇත්තේ, කොළඹ 15 ෆර්ගියුසන් පාරේ පදිංචි අඹු සැමි යුවළක් විසිනුයි.
පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විf–සූරිය, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, කොවිඞ් පැතිරීම වැළැක්වීමේ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා යන පිරිස හා නීතිපතිවරයා නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ, හදිසියේ මිය ගිය සිය දරුවාගේ සිරුර හදිසියේ ආදාහනය කිරීමේ කිසිදු හේතුවක් නොමැති බවත් ඒ වනවිටත් කොවිඞ් වැළඳීමෙන් මියගිය 19 දෙනෙකුගේ මළ සිරුරු මෘත ශරීරාගාරයේ රඳවා තිබූ බවයි.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්