කොරෝනා ආසාදිතයන් සඳහා හික්කඩුව ආරච්චිකන්ද රෝහලට අමතරව අම්බලන්ගොඩ සහ කරන්දෙණිය රෝහල්වලද වාට්ටු ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසිය.
දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේ මිනුවන්ගොඩ කොරෝනා පොකුර ඇතිවීමෙන් පසු මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයේ අතර පුද්ගලයින් 4,837කගේ PCR පරික්ෂණ සිදු කර ඇති අතර එයින් ආසාදිතයින් 54ක් හඳුනාගෙන ඇති බවයි.
කොරෝනා රෝගින් සඳහා දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ රෝහලක් නොමැති නිසා එම පිරිස ප්‍රතිකාර සඳහා ඉරණවිල, හම්බන්තොට, IDH රෝහල් වෙත යවා ඇති බවයි.
තවත් පුද්ගලයන් 1,277ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද පැවසු දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ මේ වනවිට දිස්ත්‍රික්කයේ නිරෝධායන මධ්‍යස්ථාන 12ක 662ක් නිරෝධායනය වෙමින් සිටින බවයි.
ආරච්චිකන්ද රෝහලේ ඇඳන් 200කින් යුත් වාට්ටුවක් කොරෝනා රෝගින් සඳහා වෙන් කරනු ලබන අතර එය ලබන සතියේදි ආරම්භ කරන බවත් එයට අමතරව අම්බලන්ගොඩ පොල්වත්ත රෝහල සහ කරන්දෙණිය රෝහල්ද කොරෝනා රෝගින් සඳහා වෙන් කිරිමට බලාපොරොත්තුවන බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසිය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්