මෙරට කොරෝනා රෝගීන් ගණන 5000 ඉක්මවා ගොස් තිබේ.
ඊයේ(14) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 194 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 5038ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් ආසාදිතයින් 3328 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 1697ක් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබයි.
මේ අතර ඊයේ දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් 194 දෙනාත් සමග මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1591 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනයේ හඳුනාගත් ආසාදිතයින් අතර බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු වන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනෙකුත් ආසාදිතයින් 114 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වෙයි.
මේ අතර කොළඹ නගරයේ ඉකුත් 06 වැනිදා සිට මේ දක්වා කාලය තුළ පී.සී.ආර් පරීක්ෂණ 2884 ක් සිදුකළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා සදහන් කළේය.
ඒ පරීක්ෂණ මගින් පුද්ගලයින් 10කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි ඇත.
අදාළ රෝගීන්ගෙන් 05ක් පමණක් කොළඹ නගරයෙන් වාර්තා වී ඇති බව වෛද්‍ය රුවන් විජේමුණි මහතා පැවසීය.
චක්‍රලේඛ නිකුත් කළ ද ජනතාවගේ සහය නොමැතිව කොවිඩ් නයින්ටීන් වසංගතය මර්දනය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.
ඔහු පවසන්නේ දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ අනුව ක්‍රියා නොකර ආයතනවට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්