නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඇතිවූ රෝගී තත්ත්වය හේතුවෙන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද අළුයම අභාවප්‍රාප්ත වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරු කර යවා තිබේ.
එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්ව තිබේ.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට දී වෛද්‍යවරයෙක් මියගිය පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි