මහර බන්ධනාගරයේ මියගිය සිරකරුවන්ගේ සිරුරු සම්බන්ධයෙන් ගැනෙන තීන්දුව තවදුරටත් කල් ගොස් තිබෙනවා.
ඒ ,වත්තල මහේස්ත්රාත් බුද්ධික සී රාගල මහතා ඉදිරියේ අද කැඳවු නඩුව ලබන 11 වැනිදා දක්වා කල් තැබීම හේතුවෙන්.
මියගිය රැඳවියන් 08 දෙනෙකුගේ PCR පරීක්ෂණවලින් ඔවුන්ට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.
දේහයන් පිළිස්සීමෙන් වළකින්නැයි ඉල්ලා සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව අධිකරණය හමුවට ගියා.
මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයේදී මියගිය රැඳවියන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණද පශ්චාත් මරණ පරීක්ෂණය නිමාවන තුරු ඔවුන්ගේ සිරුරු ආදාහනය නොකරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
බන්ධනාගාරයේ සිරකරු උද්ඝෝෂණය සහ ඉන් අනතුරුව හටගත් ගැටුමට ප්රධාන වශයෙන්ම එහි පැවති තදබදය ඇතුළු කරුණු තුනක් හේතු වී ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දෙයි.
මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් රමණි මුත්තෙටුවේගම සඳහන් කලේ අධික තදබදය, කොවිඞ් වෛරසය පැතිර යාම ගැන පැවති බිය සහ එයට එරෙහිව පැවති උද්ඝෝෂණය මෙම කරුණු 03 වන බවයි.
“සමහර රැඳවියන් සඳහන් කළා සමහර ටවර්වල (මුර කුළුණුවල) ඉඳල වෙඩි තිබ්බා කියල. අපි තාම දන්නේ නෑ ඒක ඇත්තද? කියල ඒ නිසා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එනතුරු බලාගෙන ඉන්නේ. එහෙම කළා නම් ජීව උණ්ඩවලින් මිනිස්සුන්ට වෙඩි තියපු එක වැරදියි. ඒක අවම බලය නෙමෙයි.”
“මේකත් හරිම වැදගත්. බන්ධනගාර අධිකාරීවරයා සඳහන් කළා – වැලිකඩින් රැඳවියන් 120 ක් අරගෙන එන්න එපා කියල දනුම්දුන් බව.ඇයි අපි ගැන හිතන්නේ නැත්තේ මගේ නිලධාරීන්ගේ ජීවිතත් අවදානමේ. එයාලටත් දැන් කොරෝනා හැදිල කියල බන්ධනාගාර අධිකාරීවරයා කිවුව.ගොඩක් බන්ධනාගාර නිලධාරීන් හරිම තරහින් ඉන්නේ. ටෙස්ට් කරන්න දෙන්නේ නෑ. මේ මිනිස්සුන්ට ඇප දෙන්නේ නෑ’ කියල එයාල කියනවා.”
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්