කොළඹ ජාතික රෝහලේදී ඊයේ(30) මියගිය රෝගියෙකුගේ PCR පරීක්ෂණ වාර්තාව අනුව කොවිඩ්-19 ආසාදිතයෙකු බව මීට සුළු මොහොතකට පෙර වසංගත රෝග විද්‍යා අංශය විසින් තහවුරු කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තෙ 54 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
අදාළ කාන්තාව පසුගිය 29 වන දින කොළඹ ජාතික රේාහලට ඇතුළත්වී ඇති අතර නිදන්ගත රෝගවලින් පෙලී ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ඒ් අනුව මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 20 කොවිඩ් 19 ආසාදිත රෝගියෙකුගේ මරණය බවට වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කර සිටිනවා.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ