ලොව පලමු වරට ඉන්දියාව කොවිඩ් 19 වෛරසයට එරෙහිව ඩී.එන්.ඒ. එන්නතක් නිෂ්පාදනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් මෙම කොවිඩ් 19 එන්නත සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමි වී තිබේ.
කොවිඩ් වෛරසයේ ඩී.එන්.ඒ. අණු යොදා ගනිමින් නිපදවා ඇති මෙම එන්නත ශරීරගත කළ විට විරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන බොහෝම ඉක්මණින් සහ සාර්ථකව වර්ධනය වෙයි.
ZyCoV-D යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම එන්නත නිපදවා ඇත්තේ ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පිහිටි ‘සයිඩුස් කැඩිලා (Zydus Cadila)’ ඖෂධ නිෂ්පාදන සමාගමයි.
මෙම ඖෂධ නිෂ්පාදන සමාගම ඉන්දීය ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ද එක් වෙමින් මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවා ඇත.
පුද්ගලයන් 28,000ක් යොදාගෙන මෙම එන්නතේ සායනික පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් සියයට 66කට වැඩි පිරිසකට එන්නත් කිරීමෙන් පසු රෝගය වැළඳී නො තිබීම විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි