කොවිෂීල්ඩ් කොවිඩ් එන්නත නිෂ්පාදක ඉන්දීය සීරම් ආයතනයේ ප්‍රධානී අදර් පූනාවාලාට ආරක්ෂාව ලබා දීමට ඉන්දීය බලධාරීන් තීරණය කර තිබේ.
ඒ, එන්නත ප්‍රාන්ත ආණ්ඩු සඳහා ලබා දීමේ අය කරන මුදල සම්බන්ධයෙන් පූනාවාලාට තර්ජන එල්ල වන බවට ආරක්ෂක අංශ මගින් තහවුරු වීමත් සමගයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන්නේ, Y කාණ්ඩයේ ආරක්ෂාවක් ලබා දෙන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නියෝග කර ඇති බවයි.
ඒ අනුව, විශේෂ බලකායේ කමාන්ඩෝ බටයන් දෙදෙනෙකු හා පොලිස් නිලධාරීන් ඇතුළත් 11 දෙනෙකුගේ කණ්ඩායමක් ඔහුට ආරක්ෂාව සපයනු ඇති.
එරට වයස අවුරුදු 18 ත් 45 ත් අතර වයස් කාණ්ඩ සඳහා ලබා දෙන එන්නත, සාමාන්‍ය මිලට වඩා ඉන්දීය රුපියල් 150 ක පමණ මුදලක් වැඩිපුර අයකරන බවට සැලවීමත් සමගින්, සීරම් ආයතනය ඉන්දීය ජනතාව අතර දැඩිව විවේචනයට ලක් වන්නට විය.
විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු බොහෝ පිරිසක් ඊට එරෙහිව සිය මත පළ කළ අතර “One vaccine one price” යන පාඨය මුල් කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සීරම් ආයතනයට එරෙහිව අදහස් පළ වූ බව ද වාර්තා වේ .
කෙසේ වෙතත් සීරම් ආයතනයේ ප්‍රධානී අදර් පූනාවාලා අද නිවේදනය කර තිබුණේ, එන්නත ඉන්දීය රුපියල් 300කට ප්‍රාන්ත වෙත එන්නත ලබා දීමට තීරණය කළ බවයි.
සීරම් ආයතනයට අමතරව භාරත් බයෝටෙක් ආයතනය ද, කොවිෂීල්ඩ් එන්නත ඉන්දියාවේ නිෂ්පාදනය කර බෙදා හැරීම සිදු කරයි.
මෙරට එන්නත්කරණ ක්‍රියාවලියේ දී ද ප්රමුඛව යොදා ගන්නේ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත වන අතර, මේවනවිට මිලියනයකට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසකට එන්නතේ පළමු මාත්‍රාව ලබා දී අවසන් ය.
- News 1st
More Stories
චීන-බ්‍රසීල සබඳතාවන්හි ස්වර්ණමය ඇරඹුමක් සටහන් කළ චීන ජනපතිගේ බ්‍රසීල සංචාරය
වීසා රහිත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක රටවලට තවදුරටත් පහසුකම් වැඩි කිරීමට චීනයෙන් තීරණයක්
චීනයේ විදේශ වෙළඳාමේ කැපීපෙනෙන වර්ධනයක්