කොරෝනා වෛරසයට එරෙහිව අමරිකාව විසින් සොයාගෙන ඇති එන්නත මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
ශ්‍රී ලංකාව මේවනවිට සාර්ථකව කොරෝනා වෛරසය පාලනය කරමින් සිටින බවයි අයවැය දෙවනවර කියවීමේ විවාදයේදී අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළබදව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීමත් සමග මෙලෙස සංවාදයක් ඇති වුණා.
“කොරෝනා වසංගතයේ මුහුණදෙන විවිධ රටවල් අතර අපේ රට තාමත්ම දක්ෂ ලෙස ඊට මුහුණ දී එය ආරම්භයේ දී යම් තරමකට මැඩපවත්වා ගත්තත් යම් යම් හේතු උඩ ඒවා නැවත මතුවී ආවත් ඒවා නැවත පාලනය කිරීමට මේ දක්වා අප ගෙන ගොස් තිබෙන ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය ගැන දැන් කාටත් පෙනෙමින් තිබෙනවා…
වැක්සීන් එක ගෙන්වන්න ඕන කළේ නෑ… වැක්සීන් එක තවමත් අත්හදා බලමින් තිබෙනවා… එක එක රටවල් තම තමන්ගේ වත්කම් අනුව දැම්මම ඉඳන් බිලියන ගනන් ඕඩර් කරලා ඇති…
ඉතින් අපටත් ලෝක උවමනා දවස්වලට අපි ඕඩර් කරගන්නම්…
ඒ කට අවශ්‍ය මුදලුත් අපි හොයාගන්නම්.. වැක්සීන් එක උවමනා වුණු දවසට …
මම හිතන්නේ දැන් අපට වැක්සීන් එක වුවමනයි කියලා.. ඕක උවමනයි ඇමරිකාවට… අපිට පුළුවන් වැක්සීන් එක වෙනුවට පාවිච්චි කළ හැකි දේවල් තියෙනවා අපි ඒවා පාවිච්චි කරමින් මේක පාලනය කරනවා…”
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්