කොරෝනා වසංගතය පාලනය වේවා යන පැතුම පෙරටු කර ගනිමින් කොරෝනා උවදුරෙන් දිවි අහිමිවූවන් සහ එයින් පීඩා විඳින්නන් සිහි කරමින් අද(03) පස්වරු හයට සෑම නිවසක් තුළම පහනක් දල්වන මෙන් සමගි ජන බලවේගය සියලූම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම වැඩසටහන “ප්‍රාර්ථනාවේ පහනක් දල්වමු” යනුවෙන් නම් කර ඇති අතර රට තුළ පවතින මේ වසංගතය තුරන් වේවායි සියලු දෙනාම එකම සිතිවිල්ලක් සිතමින් මෙයට දායකවන ලෙස සමගි ජනබලවේගය ඉල්ලා සිටී.
මේ මොහොතේ කොවිඩ් ආසාදිතව රෝහල්වල සහ නිවෙස්වල ප්‍රතිකාර ලබන පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් මර්දනයට කැපවී සිටින වෛද්‍ය, හෙද හෙදියන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයටත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සමස්ත ශ්‍රේෂ්ඨ නිලධාරීන්ටත් පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාවටත් ආරක්ෂාව සහ සුවතාවය ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණ බව මොවුන් සඳහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්