නිරිතදිග චීනයේ ශුක්‍රාණු බැංකුව විසින් ඇතිව තිබෙන ශුකාණු හිඟය පියවා ගැනීමට සිය පිරිමි පුරවැසියන්ට ඔවුන්ගේ ශුක්‍රාණු පරිත්‍යාග කරන ලෙස ඉල්ලීමක් සිදුකොට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
යූනාන් පළාතේ පිහිටි මෙම ශුකාණු බැංකු සායනය පැවසුවේ කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තවීමත් සමග සිය බැංකුවට ශුකාණු ලබාදෙන ස්වේච්ඡා සේවකයන්ගේ සංඛ්‍යාව විශාල ලෙස පහත වැටුණු බවයි. දරුවන් නොමැති දෙමාපියන්ට නළ දරු උපත් සිදුකිරීමට අවශ්‍ය ශුකාණු ලබා දීමට නොහැකිවීමෙන් තමන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි එම බැංකුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
වෛද්‍යවරුන් පවසන පරිදි ශුක්‍රාණුවල ගුණාත්මක භාවය දුර්වල වීම නිසා පවතින ගැටළුව තවත් උග්‍ර වි ඇති බවයි. චීන සෞඛ්‍ය මධ්‍යස්ථානය පැවසුවේ ඔවුන් සතුව ඇති ශුක්‍රාණු සංචිත ප්‍රමාණයෙන් යුවලවල් 30 කට පමණක් උපකාර කළ හැකි බවයි.
ශුකාණු ලබා දීම සඳහා වසරේ මේ දක්වා පුද්ගලයින් 170 දෙනෙකු පමණක් සිය කැමැත්ත පළකර ඇති අතර එය ඉකුත් වසරේ මෙම කාල සීමාව සමග සැසදීමේදී එය සියයට 60 ක අඩුවීමක් බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටින්නේ.
වෛද්‍ය ලී වෙන්ෆු සඳහන් කර සිටින්නේ A වර්ගයේ සහ O වර්ගයේ රුධිර කාණ්ඩය හිමි පුද්ගලයින් ගේ ශුකාණු බරපතල ලෙස හිඟයක් පවතින බවයි.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්