කොරෝනා වයිරස රෝගය විධිවිධාන පනත් කෙටුම්පත(2019) පාර්ලිමේන්තුවේදී අද (17) විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.
කොරෝනා වසංගත තත්වය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විවිධ රාජකාරී බාධාවකින් තොරව කරගෙන යෑමට අවශ්‍ය නීති ප්‍රතිපාදන සැලසීම මෙම පනත් කෙටුම්පත මගින් සිදුකෙරෙනු ඇත.
නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක් සහ රේගු ආඥා පනත (235 අධිකාරිය) යටතේ යෝජනා දෙකක්ද අනතුරුව විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඉන්අනතුරුව ප.ව 4.30 සිට 4.50 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන් කර ඇත.
ආණ්ඩු පක්ෂය ගෙන එන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ප.ව 4.50 සිට 5.30 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
මේ අතර පාර්ලිමේන්තුව අද දිනයේ පමණක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය.
එම තීරණය ගෙන ඇත්තේ කොවිඩ් වසංගත තත්වය සැලකිල්ලට ගෙනය.
පාර්ලිමේන්තුව අද උදේ 10 .00ට රැස්වීමට නියමිතය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්