අද (15) අලුයම 5 වන විට ශ්‍රී ලංකාවේ COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන 13 ක ඇඳන් 168 ක් ඇති බව COVID-19 වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය (NOCPC) අනාවරණය කරයි.
මෙම රෝහල් 13 තුළ ඇදන් ධාරිතාව 1712 ක් වන අතර ඉන් ඇදන් 1542 ක මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මෙලෙස ප්‍රතිකාර ලබන පිරිසෙන් 127 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණීමෙන් පසු කොරෝනා වෛරසයට ආසාදනය වූ පුද්ගලයින් වන අතර සෙසු රෝගීන් 1415 දෙනා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ රෝගීන් වනවා.
මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා උතුර ප්‍රදේශයේ ඇදන් 100 ක ධාරිතාවයකින් යුත් රෝහලක් ඉදිකිරීමට කටයුතු කරන බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ පැවති සාකච්ජාවකදී උපදෙස් ලබාදී තිබෙනවා.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව