කොරෝනා වයිරස් ව්‍යාප්තිය මධ්‍යයේ දීපාවලී උත්සවය උත්සවාකාරයෙන් සැමරීමට ඉන්දියානුවන් කටයුතු කර තිබෙනවා.
ඉන්දියානුවන් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන ආගමික උත්සවයක් ලෙසයි දීපාවලී සැමරුම සැළකෙන්නේ. පහන් ආලෝකයෙන් නගර වර්ණවත් කරමින් දෙවියන්ට පුද පූජා පැවැත්වීම ඔවුන් චාරිත්‍රයක් ලෙස සිදුකරනු ලබනවා.
කොරෝනා වයිරස් ව්‍යාප්තිය හේතුවෙන් පුද්ගල ඒකරාශිවීම් සීමා කරමින් නව නීති හදුන්වාදුන්න ද වීථි පුරා දහස් ගණන් රැස්ව උත්සව කටයුතු සංවිධාන කරමින් සිටි අයුරු දැක ගැනීමට හැකි . කොරෝනා වයිරස් ව්‍යාප්තිය යම් තරමකින් පාලනය වී තිබුණ ද ඉන්දියාවෙන් තවදුරටත් දෛනික කොරෝනා ආසාදිතයින් දසදහස ඉක්මවාගිය සංඛ්‍යාවක් වාර්තා වනවා.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි