කොරෝනා ආසාදනය හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීමෙන් පාරිසරික වශයෙන් අගතියක් සිදුවන බවට භූ විද්‍යා මහාචාර්ය මෙතික විතානගේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කළා.
ඒ කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට එරෙහිව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට එරෙහිව කරුණු දක්වමිනුයි.
කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයෙකුගේ පුත්‍රයෙකු වන හමීඩ් රවුෆ්දීන් යන අය ඇතුළු 12 දෙනෙකු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණා.
එය සිසිර ද ආබෘෘ සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.
පෙත්සම්කරුවන් පවසන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු පිළිස්සීම සිය ආගමික හා සංස්කෘතික නියමයන්ට පටහැනි බවයි.
මේ තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් කොරෝනා ආසාදනයෙන් මියයන අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටත් ඔවුන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටිනවා.
භූ විද්‍යාඥ මහාචාර්යවරයෙකු වන මෙතික විතානගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ කොරෝනා හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම තුළින් භූගත ජලයට සහ පසට එම වෛරසය එක්වන බවයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්