කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම ගැටළුව සම්බන්දයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ දැක්වෙන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය කිරීම ගැටළුවක් නොවන බවයි.
ඔවුන් පවසන්නේ කරුණු කිහිපයක් නිරීක්ෂණය කළ බවයි.
එම කරුණු පහතින්.
1) කොවිඩ් ආසාදනය සිදුවන්නේ ශ්වසන මාර්ගයෙන් පමණක් බවත් ආමාශ ආන්ත්රික ද්වාර ඇතුළුව වෙනත් මාර්ග හරහා එය ආසාදනය වූ බවට වාර්තා වී නැත.
2) වෛරසය වර්ධනය වී හැක්කේ ජීව සෛලයක් තුළ පමණක් බැවින් මළ සිරුරක් තුළ ආසාදිත තත්වයෙන් එය සැලකිය යුතු කාලයක් සඳහා පැවතිය නොහැක.
3) පශ්චාත් මරණ පරීක්ෂණයකදී සිදු කළ PCR පරීක්ෂණ ප්‍රතිඵල ධනාත්මක වුවද මළ සිරුරෙන් වෛරසය ව්‍යාප්ත වන බවට නිශ්චිත අඳහසක් ඇති නොවේ.
3) භූමිදාන කළ මළ සිරුරු වලින් ඇති විය හැකි ජල දුෂණයට වඩා ආසාදිත රෝගීන්ගේ බහිස්රාවීය ද්‍රවයන් හා අපද්‍රව්‍ය මගින් වඩාත් දරුණු ලෙස ජලය දුෂණය විය හැකි.
4) භූගත ජලයෙන් අවස්ථා කිහිපයකදී හමු වූ බවට වාර්තා වූවත් එම වෛරස ආසාදිත තත්වයේ ඇති බවට වාර්තා වී නැත.
5) මින් පෙර වාර්තා වූ ඉන්ෆ්ලුවෙන්සා සහ SARS වැනි වෛරස සම්බන්දයෙන් කළ ගැඹුරු අධ්‍යනවලදී පවා එවැනි ආසාදන පිලිබඳ වාර්තා වී නැත.
6) ජලය ආශ්රිත බෝවන කොළරාව වැනි දරුණු රෝග වලදී පවා මළසිරුරු භූමිදානය කෙරේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම විද්‍යාත්මක කරුණු අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය පුද්ගලයින්ගේ මෘතදේහ භූමදානය සඳහා අවසර ලබා දිය හැකි බවටයි.
කෙසේවෙතත් කොවිඩ් ආසාදිත මළ සිරුරු භූමදානය කිරීමෙන් අනාගතයේදී භයානක තත්වයක් උද්ගත විය හැකි බව සබරගමුව විශ්ව විද්‍යාලයේ පාංශු හා පාරිසරික විද්‍යාව පිළිබද විශේෂඥ , මහාචාර්ය ප්‍රියන්ත යාපා මහතා පවසයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව