කොරෝනා මෘත දේහයන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගත යුත්තේ සියළු ජන කොටස් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.
දේහයන් ආදාහනය කරන්නේ ද, භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරීම ඒ ඒ ජන කොටස්වල අයිතිවාසිකමක් බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂ නායකයා ඒ සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පෙර බෞද්ධ, හින්දු සහ මුස්ලිම් යන ආගමික නායකයින් සමඟ සාකච්ඡා කළ යුතුව තිබූ බව සදහන් කළා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සේම කොරියාව, ඉන්දියාව, ජර්මනිය යන රටවල් මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය විමසා බැලීම වැදගත් බවයි.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග