කොරෝනා වසංගතයට ගොදුරුවීමෙන් ඉන්දීය වෛද්‍යවරු 196 දෙනෙකු මියගොස් තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමය මේ බව පවසයි.
වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ක්‍රියාකරන ලෙස, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය ඉල්ලා සිටී.
පසුගිය පැය 24 තුළදී කොරෝනා ආසාදිතයින් 64,000ක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඉන්දියාවෙන් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 2,153,010.
ඊයේ දිනය තුළදී ඉන්දියාවේ ආසාදිතයින් 861 දෙනෙක් මියගොස් ඇති අතර එරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 43,379කි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි