ආණ්ඩුව කොව්ඩි තත්වය නොසලකා අයවැයෙන් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට ලබන වසර සඳහා මුදල් වෙන්කර ඇත්තේ මේ වසරට වෙන් කළ මුදලටත් වඩා අඩු මුදලක් යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක මහතා පවසයි.
ඒ අනුව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ මුදල් කප්පාදුවක් සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.
කොවිඩ් වසංගතය යටතේ සාමාන්‍ය ජන ජීවිතයක් පවත්වාගෙන යෑමටත් ජීවිත ආරක්ෂිත තත්වයක් තැබීමටත් නව පරීක්ෂණ, සෞඛ්‍ය උපකරණ හා ඖෂධ මිලදී ගැනීම අනිවාර්යයෙන් සිදුවන අතර ඊට විශාල මුදලක් අවශ්‍ය බවත් අනුර දිසානායක මහතා සඳහන් කරයි.
එම තත්වය නොසලකා ආණ්ඩුව මෙසේ කටයුතු කිරීම ඉදිරි වසරේ රට තුළ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ අවදානමකට මුලපිරීමක් බවද ඒ මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්