කොවිඩ් වසංගතය තවමත් වැඩිවෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා. එහි බලපෑම තවත් දශක කිහිපයක් පුරා පවතිනු ඇති බවටයි
එහි අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රස් ඇඩනම් අනතුරු අගවන්නේ.
වසංගතය පාලනයට නිසි දේශපාලන නායකත්වයක් නොලැබීමද කණගාටුදායක බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
මේ වනවිට ලොව පුරා වාර්තාවී ඇති කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 91 ලක්ෂ 92,712ක්.
මරණ සංඛ්‍යාව පවතින්නේ 4 ලක්ෂ 74 445 ක් ලෙසයි.
මේ අතර නව රෝගීන් 46 ක් වාර්තා වීමත් සමග වෛරසයේ දෙවන රැල්ලක සිටින බව දකුණු කොරියාව පවසනවා.
ඉන් 30 දෙනෙකු විදේශයන්හි පුද්ගලයින් බව සඳහන්.
කෙසේ වෙතත්, ලොව අනෙක් රටවල් හා සාපේක්ෂව වෛරස ආසාදන සංඛ්‍යාව තරමක් අඩු මට්ටමක පවතින බවයි කොරියානු සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණේ.
මේ අතර බීජිං හි තවත් වෛරස් රෝගීන් 22 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
මේ වනවිට චීනයෙන් කොරෝනා වෛරස ආසාදිතයන් 83,418 ක් වාර්තා වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 4,634ක්.
මේ අතර එංගලන්තයේ සිනමා ශාලා සහ කෞතුකාගාර ජූලි 4 වනදා සිට නැවත විවෘත කිරීමට හැකි වනු ඇති බව එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ආරක්ෂක පියවරයන් ලෙස මාර්තු නසා මැද සිට එම ස්ථාන වසා දමනු ලැබුවා.
මේ අතර මීටර 2 ක දුරස්ථභාවය තබාගනිමින් මත්පැන්හල් ආරක්ෂිතව නැවත විවෘත කළ හැකි ආකාරය ද බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මාස හතරකට ආසන්න කාලයක් වසා දමා තිබු ජපානයේ ඩිස්නිලන්තය සහ ඩිස්නි සී යන ආකර්ශනීය ස්ථාන ජූලි පළමු වනදා සිට නැවත විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සමාජ දුරස්ථභාවය, සීමිත අමුත්තන් සහ මුඛ ආවරණ පැළඳීම වැනි සීමාවන්ට යටත්ව මෙලෙස අදාළ ස්ථාන විවෘත කරන බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි