පසුගිය සති දෙක තුළ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි සහ අනෙකුත් උතුරු නගරවල වාතයෙහි ගුණාත්මකභාවය වේගයෙන් පිරිහීමත් සමඟ ඉන්දියාවේ භයානක වායු දූෂණ සමය යළිත් ආරම්භවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කොරෝනා වෛරසයට එරෙහි ඉන්දියාවේ අරගලයට මෙය ඉතා නරක ආරංචියක් වන අතර, ලොව පුරා අධ්‍යයන කිහිපයකින්ම වායු දූෂණය ඉහළ යාම කොවිඩ් -19 වෛරසය හේතුවෙන් සිදුවන මරණ සමඟ සම්බන්ධතාවයක් තිබෙන බවට කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.
කොරෝනා වසංගතයෙන් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති නගරවලින් එකක් වන දිල්ලිහි පදිංචිකරුවන් වසර ගණනාවක් තිස්සේ අනතුරුදායක මට්ටමේ වායු දූෂණයට නිරාවරණය වී ඇති හෙයින් වසංගතයට මුහුණ දීමට දරුණු අරගලයක නිරත වන බවයි විදෙස් මාධ්‍ය තව දුරටත් වාර්තා කරන්නේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි