කැනඩාවේ කොවිඩ්-19 ආසාදිතයන් ඉහළ යෑම හේතුවෙන් එරට මහජන සෞඛ්‍ය ඒජන්සියේ සභාපතිනිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එරට මහජන සෞඛ්‍ය ඒජන්සියේ සභාපතිනිය රැකියාවෙන් ඉවත් වන්නේ මාස 18ක් වැනි කෙටි කාලයක් තුළවන අතර ඒ අනුව පළපුරුදු නායකයෙකු නොමැතිව රටේ කොවිඩ්-19 මැඩලීමේ වගකීම ෆෙඩරල් ආයතනයට පැවරී තිබෙනවා.
මහජන සෞඛ්‍ය ඒජන්සියේ සභාපතිනිය වන ටීනා නැමීස්නියොව්ස්කි පැවසුවේ නව සභාපතිවරයෙකු සඳහා මාවත සකස් කිරීම වෙනුවෙන් තමන් වහාම ඉවත්ව යන බවය.
මේ අතර කැනඩාවේ සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලබන සතිය වන විට නැමීස්නියොව්ස්කි වෙනුවට වෙනත් අයෙකු පත් කිරීමට රජය අපේක්ෂා කරන බවයි.
More Stories
චීන භූකම්පන විශේෂඥයින් ඇතුළු 400ක පමණ පිරිසක් මියන්මාරයේ සහන සැලසීමේ කටයුතුවල නිරතව සිටී- චීන විදේශ අමාත්‍යංශය
චීනය ජාත්‍යන්තර සමාගම්වල ආයෝජනයේ ප්‍රමුඛතම තේරීමක්
මියන්මාරයට සතියක ශෝක කාලයක්