කොවිඩ් -19 වෛරසයේ මූලාරම්භය සොයා බැලීමට සිදුකරන පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්ඩ්රෝස් අද්නාම් ගේබ්‍රියේසස් පවසන්නේ කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන දෙවන අදියරේ පරීක්ෂණ සඳහා චීනය විනිවිදභාවයකින් යුතුව සහයෝගය ලබාදිය යුතු බවය.
ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ පරීක්ෂණවල පළමු අදියර පසුගිය පෙබරවාරි මාසයේදී අවසන් විය.
චීනයේ වූවාන්හි රසායනාගාරයකින් වෛරසය ආරම්භ වූ බවට සාක්ෂි නොමැති බවත් එය වවුලන්ගෙන් ඇති වූවක් බවත් එහිදී නිගමනය වී තිබුණි.
කෙසේවෙතත් ජිනීවාහිදී අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පෙන්වා දී ඇත්තේ මෙම වසංගතය ඇතිවීමට පෙර සිටි රෝගීන්ගේ දත්ත ද පරීක්ෂණ කටයුතු සඳහා අත්‍යවශ්‍ය බවය.
පළමු පරීක්ෂණ වටයේදී චීනය විසින් අදාළ දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා නොදුන් බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කර තිබේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි