කොවිඩ් වසංගතය ආරම්භයේ සිට මේ දක්වා ජල පාරිභෝගිකයන් රුපියල් බිලියන පහක බිල්පත් නොගෙවීම නිසා ජල සැපයුම් සේවාව අඛණ්ඩව පවත්වා ගෙන යෑම අභියෝගයක් වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
එහි සාමාන්‍යාධිකාරි තිළිණ එස්. විජේතුංග ප්‍රකාශ කළේ පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද ජල සැපයුම අඛණ්ඩව ලබාදෙන බවයි. නිකුත් කරන බිල්පත්වලින් 70% පමණ ප්‍රමාණයක්ම අය කරනු ලබන්නෙ ජල ඒකකයක් සඳහා වැය වන මුදලට වඩා ඉතා අඩු ප්‍රමාණයක් බවද ඔහු පෙන්වා දෙයි.
2020 වසරේ දී රුපියල් බිලියන තුනක්ද, 2021 වසරේ ගත වූ මාස අටක කාලයේ රුපියල් බිලියන දෙකක මුදලක්ද ජල පාරිභෝගිකයන්ගෙන් ලැබීමට නියමිතව තිබේ. එම නිසා කිසිදු අමතර ගාස්තුවකින් තොරව මණ්ඩලයේ Smart pay app ජංගම යෙදවුම මගින් බිල්පත් ගෙවීමට පහසුකම් සලසා ඇති බවද ඔහු සඳහන් කරයි. ඊට අමතරව ජල බිල්පත් ගෙවීම සඳහා නිර්දේශ කර ඇති ස්ථානවලින්ද මුදල් ගෙවීමේ හැකියාව ඇත.
තවද ජල බිල්පතේ ගිණුම් අංකය සඳහන් කර 0719399999 අංකයට SMS කොට බිල්පත් හා අදාළ සියලු තොරතුරු කෙටි පණිවුඩ මගින්ද ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට ලබා දී ඇති බව සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්