රට තුළ පසුගිය සතියට වඩා මෙම සතියේ ‘කොවිඩ්’ අසාදිතයින් සංඛ්‍යාව සියයට 30 කින් ඉහළ ගොස් ඇති බව කොවිඩ් 19 පිළිබඳව රාජ්‍ය අමාත්‍යංශයේ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා.
‘කොවිඩ්’ ආසාදිත මරණ පසුගිය සතිය සමඟ සංසන්දනය කිරීමේදී මරණ සියයට 10 කින් ද, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සහ දැඩිසත්කාර ඒකකයට යොමුකළ යුතු රෝගීන් සියයට 5 කින් ද, ඉහළ ගොස් ඇති බව කී වෛද්‍ය අන්වර් හම්දානි මහතා ‘කොවිඩ්’ මරණවලින් තුනෙන් දෙකක්ම පූර්ණ එන්නත්කරණයට ලක්නොවූ පුද්ගලයන් බව ද සඳහන් කළේ.
‘බූස්ටර්’ එන්නත් මාත්‍රාව මේ දක්වා සියයට 39 ක් පමණක් ලබාගෙන ඇති බවත් බූස්ටර් එන්නත සියයට 70 ක ප්‍රමාණයක් ලබාගත හොත් බියකින් තොරව කටයුතු කළ හැකි බවත් වෛද්‍ය අන්වර් හම්දානි වැඩි දුරටත් කියා සිටියේ.
වෛද්‍ය අන්වර් හම්දානි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති