ඊයේ (18) හඳුනාගත් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද සමගින් මෙරට කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඉන් 203 ක් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් ය.
මේ අතර පේරාදෙණිය පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් සිවුදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවීමත් සමග එම පොලිස් ස්ථානයෙන් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පළමුවරට හඳුනාගැනුණේ ඉකුත් 15 වනදා ය.
අලුතින් හඳුනාගත් ආසාදිතයින් සිව්දෙනා අතරින් තිදෙනෙකුම රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වන අතර අනෙක් පුද්ගලයා කොවිඩ් ආසාදිතයින් සෙවීමේ රාජකාරි කටයුතුවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙකි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි