මේ මොහොතේ සියල්ලට වඩා වැදගත් වන්නේ මිනිසුන්ගේ ජීවිත බවත් සෑම රටක්ම තමන්ගේ පුරවැසියන් වෙනුවෙන් කැපවී සිටින අතර පමා වී හෝ ආණ්ඩුවට ජනතාව ගැන සිහිපත් වීම පිළිබඳව තමන් සතුටු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ විදෙස් රටකින් ණය ලබාගෙන කොරෝනා එන්නත ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරන බවට වාර්තා වන අතර එසේ හෝ ජන ජීවිත සුරක්ෂිත කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවද කීය. තමන් මුල සිටම මේ පිළිබඳව ආණ්ඩුවට, රටට කී නමුත් ඒ අවස්ථාවේ බොහෝ දෙනා ඒවා මායිම් නොකළ නමුත් අද තමන් එදා කී සියල්ල පිළිගැනීමට ආණ්ඩුවට සිදුවී ඇති බවත් හෙතෙම පැවසීය.
එසේම ශ්‍රී ලංකා රජය කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා ඉල්ලුම් කරන මූල්‍ය පහසුකම ලබාදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් තමන් ද ඉල්ලා සිටින බවයි ඒ මහතා සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්