මෙරට තුළ කොවිඩ් දෙවැනි රැල්ලක් ඇතිවුවහොත් එහි වගකීම වත්මන් රජය භාරගත යුතු බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
දෙණියාය ප්‍රදේශයේ ඊයේ (11) පස්වරුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මහ මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් සිදු කළේ ද කොරෝනා දෙවැනි රැල්ලක අවදානම හේතුවෙන් බවයි ඒ් මහතා පවසන්නේ.
එසේම රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ නව වැඩපිළිවෙලකින් පමණක් බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ් මහතා පැවසීය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්