කොරෝනා මරණ පිළිබද ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එසේ මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමිදානය හෝ ආදාහනය කිරිම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් සහ වෙබ් අඩවි විසින් වැරදි ප්‍රචාර සිදු කර ඇති බවයි.
දේශපාලන අරමුණු සහිත ඇතැම් වෙබ් අඩවි ඒ සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිර්මාණය කර සමාජගත කිරීමට දරණ උත්සාහය පිළිබඳ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව එහි සඳහන්.
දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබී ඇති සියළු විශේෂඥ වාර්තා අනුව කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී මියයන සියළු දෙනාගේ මෘත ශරීර ආදාහනය පමණක් සිදු කෙරෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි