කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී උපත ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
මෙම ගර්භණී කාන්තාව සෞඛ්‍ය සේවිකාවක් වන අතර ඇය ගර්භණී අවධියේදී Moderna එන්නතෙහි එක් මාත්‍රාවක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
සෞඛ්‍ය සේවිකාව ඉකුත් ජනවාරි මාසයේ එන්නත ලබා ගන්නා විට සති 36ක ගැබිනියක් වන අතර ඉන් සති තුනකට පසුව ඇය ශක්තිමත් නිරෝගී බිළිඳියකට උපත ලබා දී තිබේ.
පසුව පර්යේෂකයින් ඇයගේ පෙකණි වැලෙන් ලබා ගත් රුධිරය විශ්ලේෂණය කර ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ එම බිළිඳිය උපත ලබන අවස්ථාවේදී ඇයගේ රුධිරයේ කොවිඩ්-19 ප්‍රතිදේහ ඇති බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන පෝල් ගිල්බට් සහ චැඩ් රුඩ්නික් යන වෛද්‍යවරුන් දෙපළ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම මාතෘ එන්නත හේතුවෙන් එම බිළිඳියට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමටත් එය ආසාදනය වීමේ අවදානම අවම බවටත් හැකියාවක් ඇති බවට පර්යේෂකයින් පෙන්වා දෙයි.
“අප දන්නා පරිදි, එන්නතකින් පසු කොවිඩ්-19 ප්‍රතිදේහ සමග දරුවෙකු ඉපදුණු බවට වාර්තා වූ ලොව පළමු අවස්ථාව මෙයයි.” ළමා විශේෂඥ වෛද්‍ය පෝල් ගිල්බට් මාධ්‍ය වෙත පවසා තිබේ.
“ගර්භණී සමයේදී ලබා දෙන වෙනත් එන්නත් සමග සිදු වන ආකාරයට ම මවගේ ප්‍රතිදේහ මෙම එන්නත හරහා ද දරුවාට ලබා දෙන්නේ දැයි දැන ගැනීමට අපි ළදරුවාගේ පෙකණි වැල පරීක්ෂා කළෙමු.” ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙය තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පර්යේෂණ සිදු කළ යුතු බව ඔවුන් පෙන්වා දෙයි.
-මුලාශ්‍ර අරුණ පුවත්පත
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්