ලොව පළමු DNA කොවිඩ් මර්දන එන්නත භාවිතයට ඉන්දියාව සූදානම්වෙමින් පසුවෙයි.
ඉන්දියාවේ සයිඩස් කැඩිලා නම් සමාගම අදාළ එන්නත නිපදවා ඇති අතර එය හදිසි භාවිතය සඳහා වන අවසරය පසුගියදා ඉන්දීය ඖෂධ අධිකාරියෙන් හිමිවිය.
මේ අනුව නුදුරේදීම අදාළ එන්නත එරට බිහාර් ප්‍රාන්තයේදී භාවිතයට ගැනීමට නියමිතය.
මේ අතර කොවිඩ් වසංගතයෙන් වැඩිම බලපෑම් එල්ල වු රටවල් අතරට අයත් වන ඉන්දියාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව ලක්ෂ 5 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ එම සීමාව ඉක්මවූ ලොව තෙවන රට බවට පත්වෙමිනි.
වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වන මරණ 920,829ක් අමෙරිකාවෙන් වාර්තා වී ඇති අතර බ්‍රසීලයෙන් කොවිඩ් මරණ 630,001ක් වාර්තා වී තිබේ.
ගතවූ දිනයේ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 1,072ක් වාර්තාවී ඇත.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි