කොවිඩ් ආසාදිතව මියගිය සෑම පුද්ගලයෙක්ටම වන්දි මුදලක් ගෙවීමට රජය පළකළ එකඟතාවය එරට ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කර ඇති බව වාර්තා විය.
ඒ අනුව කොවිඩ් ආසාදිත සෑම මරණයක් වෙනුවෙන්ම ඉන්දීය රුපියල් 50,000ක වන්දියක් ගෙවීම ට ඉන්දීය රජය ගත් තීරණය ක්‍රියාත්මක කළ හැකිය.
අධිකරණය එම තීන්දුව ලබාදී තිබුණේ එරට ආපදා කළමනාකරණ නීති අනුව කොවිඩ් මරණ සඳහා වන්දි ඉල්ලමින් නීතිඥයින් කණ්ඩායමක් ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
මෙතෙක් ඉන්දියාවෙන් කොවිඩ් මරණ 447,000ක් පමණ වාර්තා වී තිබේ.
නමුත් විශේෂඥයින් පවසන්නේ ඊට වඩා 10 ගුණයක් පමණ කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවය.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයාගේ ළඟම ඥාතියාට එම වන්දි මුදල හිමිවෙයි.
More Stories
ඇමරිකානු තීරුබදු පැනවීමට එරෙහිව චීන රජයෙන් ප්‍රතිපියවර
ඇමරිකාවේ තීරු බදු පියවර කෙරෙහි ලෝක වෙළඳ සංවිධානයේ දැඩි කනස්සල්ල
2025 චීන-ඇමරිකාව සමුද්‍රීය යුද ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීමේ ක්‍රියාකාරී කණ්ඩායම් සමුළුව පැවැත්වේ