කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය / මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි පෙත්සම් කැඳවනු ලැබුවේ.විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් එම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ.
කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඞ් බද්යුදීන් මහතා ඇතුළු පාර්ශව කිහිපයක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණු කර තිබුණා.
එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයායි.
වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගේ සිරුරු අනිවාර්ය ආදාහනය කළ යුතු යැයි සදහන් වන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය හෝ මිහිදන් කිරීමට හැකිව තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ඉස්ලාම් භක්තිකයන්ගේ විශ්වාසයන්ට පටහැනි බවයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් දක්වා තිබුණේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්