ඔස්ට්‍රේලියාවේ මෙතෙක් එක්දිනකදී එරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණන අද (28) වාර්තා විය.
අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන 100කට ආසන්න බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
නමුත් එරට සමහර ප්‍රාන්ත පැවසුවේ කොවිඩ් වල බලපෑම ඉදිරි සති කිහිපයේදී අඩුවනු ඇති බවය.
ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් පසුගිය සති 4 තුළ එරටින් කොරෝනා ආසාදිතයින් මිලියන 2ක් පමණ වාර්තා විය.
නමුත් එතෙක් වසර දෙකක් තුළ එරටින් හඳුනාගෙන තිබුණේ ආසාදිතයින් 400,000ක් පමණි.
අද දහවල් වනවිට කොවිඩ් මරණ 98ක් වාර්තා වී තිබූ අතර ඒ අනුව මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 3,500ක් වාර්තා වී තිබේ.
එසේම අද දින මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 40,000ක් වාර්තා වී ඇත. නමුත් එය පසුගිය මාසය තුළ වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ලෙස දැක්වෙයි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි