ආරක්ෂිත මුහුණු ආවරණ පැලඳීම් නීතිය යළි හඳුන්වාදීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබන්නේ එරට තුළ යළිත් කොවිඩ් වසංගතය සීඝ්රයෙන් පැතිර යාම හේතුවෙනි.
නොවැම්බර් 6 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කායවර්ධන මධ්‍යස්ථාන, කෞතුකාගාර වැනි පොදු ස්ථානවලට ප්‍රවේශ වීමේදී එන්නත ලබාගත් බවට සහතික කෙරෙන “කොරෝනා අවසරපත්‍රය” හෝ කොවිඩ් ආසාදිත නොවන බවට ආසන්න දිනයකදී ලබාගත් PCR පරීක්ෂණ සහතිකයක් ඉදිරිපත් කළ යුතු බව එරට අගමැතිවරයා ප්‍රකාශයක් නිකුත් කළේය.
නෙදර්ලන්තය ඉකුත් ජූලි මාසයේදී වසංගතයේ උපරිමයට මුහුණදුන් අතර එයින් පසු සමාජ දුරස්ථකරණ සීමා රැසක් ලිහිල් කර තිබුණි.
රටේ වෛරස ආසාදන යළි ඉහළ යෑම ආරම්භ වුණේ ඉන් අනතුරුවය.
මේ අතර රුසියාවේ කොවිඩ් මරණ ඊයේ යළි වාර්තාගත අයුරින් ඉහළ ගොස් තිබුණේ වැඩ නොකරන සතියක් ප්‍රකාශයට පත්කර තිබූ පසුබිමකය.
ඇතැම් ප්‍රදේශවල වැඩ නොකරන කාලය තවදුරටත් දීර්ඝ කිරීමටත් කලාපීය බලධාරීන් පියවර ගෙන තිබුණි.
පවතින වාතාවරණය තුළ රට අර්ධ වශයෙන් ලොක්ඩවුන් කිරීමේ අවදානමක් මතුවී ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.
මේ අතර එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබුණේ කොවිඩ් රෝගීන් සඳහා තාවකාලික රෝහල් ඉදිකිරීමට හමුදාවේ සහාය අපේක්ෂා කරන බවය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි