කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ භූමිදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස රජයට බල කරමින් තරුණ පිරිසකගේ සහභාගිත්වයෙන් අකුරණ නගරයේදී අද (25 ) සවස විරෝධතාවයක් පැවැත්වුණා.
කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මරණ භූමදානය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙසයි මෙම විරෝධතාවයට එක්ව සිටි තරුණ පිරිස් ප්රකාශ කළේ.
මෙහිදි ආදාහනයට විරෝධය දක්වමින් සුදු රෙදි කැබලි ගැට ගැසීමද සිදු කරනු ලැබූ අතර විරෝධතාවයට එක් වූ බොහෝ තරුණ පිරිස් සිය අත්වලද සුදු රෙදි කැබලි බැඳ ගෙන සිටිනු දක්නට ලැබුණා/
මෙම විරෝධතාවයට සමගාමිව අකුරණ නගරයේ ඇතැම් ස්ථානවල සුදු කොඩිද ප්රදර්ශණය කර තිබෙනු දක්නට ලැබුණා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග