කොවිඩ් වැලඳී මියයන මුස්ලිම් අයගේ මෘත දේහ භූමදානය සඳහා ඉඩ දෙන බවට පෙර දිනයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවද ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන්නේ කවදාද යන්න සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රශ්න කළ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරිය මේ බව පැවැසුවාය.
සෞඛ්‍ය අමාත්‍යාංශය තීන්දු තීරණ ගන්නේ පෞද්ගලිකව නොව තාක්ෂණ කමිටුව මගින් බව කී ඇමැතිවරිය තාක්ෂණ කමිටුවට අදාළ යෝජනාව ඉදිරිපත් කර එහි එකඟතාව මත කටයුතු කිරීමට සිදු වන බවද කීවාය.
භූමදානයට අවසර දෙන බවට අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප්‍රකාශයක් ලබා දුන් බව මේ අවස්ථාවේදී නැගී සිටි රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පැවැසුවේය. අගමැතිවරයා එසේ පවසද්දී නැවතත් තාක්ෂණික කමිටුවට මෙම කාරණය ගෙන යන්නේ මන්දැයි විමසුවේය.
අගමැතිවරයාට ඉහළින් තීරණ ගනිමින් මෙයට බාධා කරන්නේ කවුදැයි ප්‍රශ්න කළ රවුෆ් හකීම් මන්ත්‍රීවරයා මෙම කරුණ ජිනීවා වෙතද ගොස් ඇතැයිද එය නොවිය යුත්තක් බවද පැවැසුවේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට