තත්ත්වය බරපතළ නැත්නම් රෝගියා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට
කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කිරීමේ දී ඔවුන් ට ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා නව දුරකථන අංකයක් සෞඛ්‍ය අමාත්‍යාංශය හඳුන්වා දී තිබේ.
ඒ අනුව 1999 හෝ 0117 966 366 යන දුරකථන අංකය ඇමතීමෙන් අදාළ පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය සහය ලබාගැනීමට හැකියාව හිමිවේ.
යම් රෝහලකට රෝගීන් ගෙන යෑමේ දී තත්ත්වය බරපතළ නොමැති නම් ඔවුන් ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගෙන යෑම ඉතා යෝග්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට