මේ වන විට හදුනාගෙන ඇති කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන දෙකකින් නිකුත් වන සංඛ්‍යා ලේඛන පරස්පර බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.
එහි සභාපති රවී කුමුදේෂ් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ වසංගත රෝග අංශයේ නිල නිවේදන වලට අනූව, දැනට හදුනාගෙන ඇති අසාධිතයින් සංඛ්‍යාව 72174 ක් බවයි.
එහෙත් රසායනාගාර සේවාවේ වාර්ථාවලට අනුව, පළමු වරට තහවුරු කරන ලද ආසාදිතයන්ගේ සංඛ්‍යාව 76728 ක් බව ඔහු පෙන්වා දෙනවා.
ඒ අනුව රෝගීන් 4554 දෙනෙකුට සිදුවූයේ කුමක්ද යන්න ගැටලු සහගත බව රවී කුමුදේෂ් මහතා සඳහන් කලා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්