කොවිඩ්19 වෙරසය වැළඳී මිය යන ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානයට භාරගන්නා ලෙස ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් ලැබී ඇති බව මාලදිවයින පවසනවා.
තම ජනාධිපති ඊබ්‍රාහීම් මොහොමඞ් සෝලි ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව සමග ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් එරට විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශාහීඞ් මහතා කියා සිටියේ.
ඒ අනුව කොවිඩ් වැළඳී මිය යන ලාංකික මුස්ලිම් බැතිමතුන්ගේ දේහ සම්බන්ධ අවසන් කටයුතු මාලදිවයිනේදී සිදුකිරීමට ඇති හැකියාව සොයා බැලෙමින් ඇති බවද එරට විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කකර තිබෙනවා.
දෙරට අතර දීර්ඝ කාලයක සිට පවතින මිතුදම මෙන්ම පවතින වාතාවරණය යටතේ මුහුණදී ඇති ගැටලු සැළකිල්ලට ගෙන අවසන් තීරණයක් ගැනෙනු ඇති බවයි අබ්දුල්ලා ශාහීඞ් මහතා සඳහන් කර ඇත්තේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්