කොවිඩ්-19 වයිරසයට ගොදුරු වීමේ දැඩි අවදානමක් ඇති කණ්ඩායමක් ලෙස ගැබිනි කාන්තාවන් හඳුනාගෙන ඇති බැවින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම ඉටුකරන ලෙස ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය අනතුරු අඟවයි.
දැනට කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ ගැබිනි මව්වරුන් තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා සඳහන් කරයි.
නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගැබිනි මවක් දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවද ඔහු කියා සිටියේය. එහෙයින් ගැබිනි මව්වරුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයක් වෙයි.
විශේෂයෙන් රජයේ හා පෞද්ගලික අංශයේ රැකියා කරන ගැබිනි කාන්තාවන්ට කොවිඩ්-19 වයිරසය වැලඳීමේ අවදානම වැඩිය.
තරබාරුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇති මව්වරුන් මෙහිදී වැඩි අවධානය යොමුකළ යුතු අතර ගැබිනි මව්වරුන් පොදු ප්‍රවාහනය භාවිත කිරීමේදී ද මහජනයා වැඩිපුර රැස්වන ස්ථානවල ගැවසීම හා රැකියා කරන ස්ථානයේ වැඩි සංඛ්‍යාවක් සිටී නම් එයින් ඈත් වී සිටීම වඩාත් වැදගත් බවද සභාපතිවරයා පෙන්වා දෙයි.
ගැබිනි කාන්තාවන් සඳහා කොවිඩ්-19 එන්නත ලබාදීම සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් අවධාරණය කරයි. එය බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ද නිර්දේශ කර ඇති අතර එන්නත ලබාගැනීමෙන් කලලයට හානියක් නොවන බවද ඔහු පවසයි.
- aruna news
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්