කොවිඩ් වෛරසයේ හැසිරීම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
කෙසේවෙතත්, එය කොවිඩ් මරණ ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවක් නොවන බවයි රාජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළේ.
කොවිඩ් 19 සම්බන්ධයෙන් මුල් කාලයේ පැවැති වෛද්‍ය විශේඥ මතයන් විටින් විට වෙනස් විය හැකි බැවින් වෛරසයේ හැසිරීම අනුව වත්මන් තත්ත්වය සොයා බැලීමට මෙම විශේෂඥ කමිටුව පත් කර තිබෙනවා.
ඊට වෛරස් විශේෂඥයින් මෙන්ම වෛද්‍ය විශේෂඥයින් ද අයත් බවයි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ.
කොවිඩ් 19 පාලනය කිරීමේදී සැමවිටම විද්‍යාත්මක ක්රමවේදයක සිට විසඳුම් සෙවිය යුතු බවත්, ආගම, ජාතිය, දේශපාලනය, සමාජ මතවාද හා මිත්‍යාව මත පදනම්ව කිසිවිටෙකත් තීන්දු නොගත යුතු බවත් ඇය අවධාරණය කරනවා.
වෛරස් රෝග සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී තහවුරු කළ කරුණු මත පමණක් පදනම්ව තීරණ ගැනීම වඩාත් සුදුසු බවද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.
More Stories
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට
ශ්‍රී ලංකාවේ ණය වැඩසටහන ගැන පැහැදිලි කිරීම
තැපැල් ඡන්ද සලකුණු කිරීම ඇරඹේ