බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ මෙරටට පැමිණි විදෙස් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකුට බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කළා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයී ඔහු මේ බව සඳහන් කළේ.
ඒ අනුව එම වෛරස ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාවය.
එම වෛරස් ප්‍රභේදය B117 ලෙස හඳුන්වනු ලබයි.
වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද පෙරවරුවේ කියා සිටියේ දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මෙලෙස එම නව වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි.
පසුගියදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණ වුණේ එංගලන්ත කණ්ඩායමේ මොයින් අලීට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.
කෙසේ වෙතත්, අදින් නිරෝධායන කාලසීමාව අවසන්වීමට නියමිතව තිබූ ඔහුගේ නිරෝධායන කාලසීමාව තවත් දින කිහිපයක් දීර්ඝ කිරීමට උපදෙස් ලැබී තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්