කොවිඩ් මූලාරම්භය ගැන සෙවීමේ සැබෑ අරමුණ විය යුත්තේ ඉදිරියේදී ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් වළක්වා ගැනීම බව අමෙරිකානු සහ දකුණු අප්‍රිකානු ජාතික විශ්ලේෂකයන් පිරිසක් පවසා තිබේ.
එය භූ දේශපාලනික ගැටලුවක් බවට පත්කර ගතයුතු නැතැයි ද ඔවුන් අවධාරණය කරයි.
ඒ අනුව කොවිඩ් -19 වෛරසය චීන පර්යේෂණාගාරයකින් කාන්දුවූවක් බවට චෝදනා කරන අමෙරිකාව, කොවිඩ් අර්බුදය දේශපාලනික ගැටලුවක් බවට පත්කිරීමට උත්සහ දරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
මේ අතර වසංගතයේ සුලමුල සොයා සිදුකරන පරීක්ෂණ අමෙරිකාව තුළ සිදුකරන ලෙසට චීන ජාතිකයන් මිලියන 11ක් අත්සන් තැබූ පෙත්සමකින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලා තිබේ.
මෙම වාතාවරණය තුළ පිලිපීනය ඇතුලු තවත් රටවල් කිහිපයක්ද අමෙරිකාවේ ජෛව විද්‍යාත්මක පර්යේෂණාගාරවල අරමුණු හා ක්‍රියාකාරකම් සම්බන්දයෙන් ප්‍රශ්න කරමින් සිටී.
මේ අතර කොවිඩ් මර්දන එන්නතේ සාර්ථකත්වය මත එම්. ආර්. එන්. ඒ. තාක්ෂණය යොදාගනිමින් ලොව පළමු මැලේරියා එන්නත නිපදවීමට ජර්මානු ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන බයෝඑන්ටෙක් සමාගම සූදානම් වී තිබේ.
එහි සායනික අත්හදාබැලීම් 2022 වසරේ අවසානය වනවිට ආරම්භ කිරීමට අපේක්ෂිතය.
මදුරුවන්ගෙන් බෝවන මැලේරියා රෝගය මුළුමණින් තුරන් කිරීමට මෙම එන්නත මගින් අපේක්ෂා කරයි.
ඊයේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් පිරිසක් හඳුනාගැනුනේ පස්වන කොවිඩ් රැල්ලකට මුහුණදී සිටින ඉරානයෙනි.
එම සංඛ්‍යාව 31,814 කි.
ඉරානයේ දෛනික කොවිඩ් ආසාදිතයන් තිස්දහස ඉක්මවා ගිය පළමු අවස්ථාව ද මෙය වෙයි.
වසංගත ව්‍යාප්තිය පාලනයට රට තුළ දැනට පවතින සීමා ප්‍රමාණවත් නොවන බව පවසන සෞඛ්‍ය විශේෂඥයන් ජනතාව ආරක්ෂිත ක්‍රමවේද නොපිළිපැදීම සම්බන්ධයෙන්ද කණස්සල්ල පළ කරයි.
කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්වී සිටින බංග්ලාදේශයේ ඩෙංගු උණ රෝගීන් සංඛ්‍යාව ද පසුගිය දින කිහිපයේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.
ගෙවුණු පැය 24 තුළ පමණක් එරටින් හඳුනාගෙන තිබූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 102 කි.
ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද 19 කෝටි 53 ලක්ෂය ඉක්මවා ගියේය.
වසංගතයෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 41 ලක්ෂ අසූ දෙදහසකට අධිකය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි