දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇතිවූ පොලිස් වෙඩි හුවමාරුවකදි මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට උත්සාහ කිරීමේදී මෙම වැඩි තැබීම සිදුව ඇති බවද හෙතෙම කියයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ හෙළි වූ තොරතුරු අනුව පොලිස් නිලධාරීන් ඔහු රේන්දපොළ ප්‍රදේශයට රැගෙන යාම ගිය අවස්ථාවේ මෙය සිදු වු බවද පොලිසිය පවසයි.
මෙහි දී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත .
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට