කොළඹ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 10.00 සිට පැය 11 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 6.00 දක්වා කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන අතර, කොළඹ 1 සහ 11 යන ප්‍රදේශ වලට අඩුපීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.
මහ කොළඹ ජල හා අප ජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ බෙදාහැරීම් පද්ධතියේ අත්‍යවශ්‍ය වැඩි දියුණු කිරීම ඊට හේතුවයි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ