වර්ණ එකොළහකින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ (07 වැනිදා) ක්‍රියාත්මක වීමත් සමග කොළඹට වාහන හැත්තෑ අටදහසක් (78000) පමණ ඇතුළු වී ඇති බව අනාවරණය විය.
කොළඹට පැමිණෙන අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන්ගේ පහසුව තකා මෙම නව ස්ටිකර් ක්‍රමය හඳුන්වා දුන් අතර ඊයේ (07 වැනිදා) උදෑසන මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග රථවාහන තදබයක්ද පැවතිණි.
උදෑසන 6.30 සිට පැය තුනකදී පමණක් රථවාහන විසි අට දහස් හත්සිය අසූ හතරක් (28784) කොළඹට ඇතුළු වී ඇතැයි මෙම සංගණනයේ දී හෙළි වී ඇත.
හයිලෙවල් මාර්ගය, ගාලු පාර, නුවරපාර, මීගමු පාර, පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ එන වාහන සඳහා ස්ටිකර් ඇලවීමේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක විය.
ස්ටිකර් අලවා ඇති වාහනවලට ප්‍රමාදයකින් තොරව ඉදිරි දිනවලදී කොළඹ නගරයට ඇතුළු වීමට හැකිය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්