කොළඹ නගරය තුළ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා මේ වන විට ආසාදිතයන්ගේ සහ මරණ වල සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව කොළඹ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.
කොළඹ නගරයෙහි දෛනික ආසාදිතයින් 100 – 140ත් අතර වාර්තා වුණු අතර මේ වන විට එය ක්‍රමිකව අඩුවෙමින් පවතින බව ඔහු පවසයි.
දෛනිකව කොළඹින් 15ක් පමණ වාර්තා වුණු මරණ සංඛ්‍යාවද හරි අඩකටත් වඩා අඩුවී ඇත.
කොළඹ නගරය තුළ අවුරුදු 30ට වඩා වැඩි පිරිසෙන් 86%ක් අවම වශයෙන් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති බවද, මේ වන විට වාර්තා වන ආසාදිතයන්ගෙන් 55%ක් පමණ මෙම වයස් කාණ්ඩයේ අය බවද ඔහු පවසයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්